ඇතුමල්පිටිය රිය අනතුරින් මිය ගිය දෙදෙනාගේ දේහයන්ට ජනපති අවසන් ගෞරව දක්වයි

Share

පොළොන්නරුව හිඟුරක්ගොඩ මාර්ගයේ ඇතුමල්පිටියේදී පෙරේදා රාති‍්‍රයේ සිදුවූ රිය අනතුරින් මිය ගිය ඒ.ජේ.එම්. ජයරත්න සහ ඒ.ජේ.එම්. බුද්ධදාස යන අයගේ දේහයන් සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (10) පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය. දේහයන්ට අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිතුමා පවුලේ සාමාජිකයින් වෙත සිය සාතිශය සංවේගය පළ කරමින් ඔවුන්ගේ තොරතුරු විමසීය. එමෙන්ම ඔවුන්ගේ පවුල්වල ඉදිරි කටයුතු සඳහා මෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

Read more

Local News