ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 309ක්

Share

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 309ක් වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.

 

ඒ අනුව එහි වැඩිම ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය ආශ්‍රයෙන්. ඒ 188ක්.

මීට අමතර අනුරාධපුරෙන් ආසාදිතයින් 02ක්, මාතරින් 01ක්, කුලියාපිටියෙන් 14ක්,ගාල්ලෙන් 09ක්, ගම්පහින් 40ක්, කොළඹින් 31ක් හා නිරෝධායන මධ්‍යස්ථාන වලින් 24 දෙනෙකු වාර්තා වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.

Read more

Local News