ඇඳිරිනීතිය පවතින තවත් ප්‍රදේශ 15කට 5000 දීමනාව

Share

රුපියල් 5000 දීමනාව නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති තවත් පොලිස් බලප්‍රදේශ 15කට ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සදහන් කළේය.

 

දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ඒ අනුව පවුල්  464,254ක් සඳහා ලබාදීමට රුපියල් කෝටි 232කට අධික මුදලක් ඇස්තමේන්තුකර ඇති බවයි.

පළමු අදියර යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය හා වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශ සඳහා රුපියල් 5000 දීමනාව මේ වනවිට ගෙවා අවසන්කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 3702ක් නිරෝධායනයට යොමුකර ඇති අතර එම පවුල් සඳහා අවශ්‍ය වියළි ආහාර ලබාදීමට ද පියවරගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.

ළමා නිවාස, වැඩිහිටි නිවාස සහ ආර්ථික දුෂ්කරතා ඇති පිරිවෙන් සඳහා වියළි ආහාර ලබාදීමට රුපියල් මිලියන 16ක මුදලක් වෙන්කර තිබේ.

Read more

Local News