PCR පරීක්ෂණ කරන මුවාවෙන් කොල්ලකාලා

Share

PCR පරීක්ෂණ කරන මුවාවෙන් කොල්ලකෑමේ සිද්ධියක් වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා අප සියත පුවත් අංශය වෙත සදහන් කළේය.

 

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ ” අදාල සිද්ධිය වාර්තා වන්නේ මහව පොලිස් වසමේ කැත්තපහුව ප්‍රදේශයෙන් වන අතර ඊයේ(29) දිනයේ සවස 3.30 ට පමණ එක්තරා නිවෙසකට පැම්ණි තිදෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ලෙස පවසා තිබෙනවා. මේ අතර නිවැසියන් පවසන අන්දමට කාන්තාවක් වැනි තැනැත්තෙක්ද එහි සිට තිබෙන බවයි. ඉන් පසුව PCR පරීක්ෂණ සිදුකිරිමට යැයි පවසා යම් පෙත්තක් ඔවුන්ට ලබා දී ඇති බවට වාර්තා වෙනවා. එය පානය කරන ලෙසට ඉන් පසුව සිදුවු දෙයක් එම නිවැසියන් දන්නේ නැහැ. නමුත් අද දින උදෑසන තමයි ඔවුන් නැවත අවදිව තිබෙන්නේ. එම අවස්ථාවේදි බලන විට ඔවුන් ගේ පවුම් තුන හමාරක පමණ ස්වර්ණාභරණ රැගෙන ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම මේ පිළිබදව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙන්ම වෙෙද්‍ය කේෂත්‍රයේ වෙෙද්‍යවරුන්ගෙන් විමසු අවස්ථාවේදි ඔවුන් පවසා සිටින්නේ PCR පරික්ෂණ ලබා ගැනිමේදි කිසිම අවස්ථාවක යම් පෙත්තක් එහෙමත් නැත්නම් වෙනත් දෙයක් අදාල පුද්ගලයින්ට ලබා නොදෙන බවයි.”

මෙය කොල්ලකෑමක් බවට අනාවරණය වි තිබෙන බව ඒ මහතා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් මහව පොලිසිය විශේෂ විමර්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම වසංගත අවස්ථාවේ රටම අවදානමට පත්ව තිබෙන අවස්ථාවේ මෙවැනි වංචනික අවස්ථාවාදි පුද්ගලයින් අප සමාජයේ රැදි සිටින බවත් ඒබැවින් ඔවුන්ගෙන ප්‍රවේශම් වන ලෙසත් යම් අවස්ථාවක නිවසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැම්ණියහොත් එසේ පැම්ණි අය කිසිම අවස්ථාවක් PCR පරීක්ෂණ සදහා පෙත්තක් ලබා නොදෙන බවත් එවැනි පුද්ගලයින් පිලිබද සැලකිලිමත් වන ලෙසත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News