Home දේශීය පුවත් අධික වර්ෂාවෙන් උතුරේ ජනතාවට පීඩා

අධික වර්ෂාවෙන් උතුරේ ජනතාවට පීඩා

0
අධික වර්ෂාවෙන් උතුරේ ජනතාවට පීඩා

යාපනය දිස්ත්‍රික්කයේ ජල ගැලීම් තත්ත්වය පවත්නා වර්ෂාවත් සමග ඉහළ යමින් පවතින බව වාර්තා වෙයි.

 

මරදන්කර්නි ප්‍රදේශයේ ජල ගැලීම් තත්ත්වය මේ වනවිට වැඩි වී ඇති අතර වර්ෂාවෙන් දිස්ත්‍රික්කයේ පවුල් 16,250 ක පුද්ගලයින් 54,163 දෙනෙකු පීඩාවට පත් ව ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

මේ අතර ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 3393 කි.

මේ වන විට කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 4334 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ, අඛණ්ඩව වැසි ඇදහැලුණහොත් වැව් ආශ්‍රිතව ජීවත්වන ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් විය යුතු බවයි.

වර්ෂාව හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ද පුද්ගලයින් 1925 දෙනෙකු පීඩාවට පත්ව තිබෙන අතර මන්නාරම දිස්ත්‍රික්කයේ වර්ෂාවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 7784 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version