තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

රැකියා සඳහා ගොස් මැදපෙරදිග රටවල් 03ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 481 දෙනෙකු අද (08) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

 

ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත සහ කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වන වැඩසටහන යටතේ අද (08) අලුයම මෙම පිරිස පැමිණ තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට 44 දෙනෙකු, කටාර් රාජ්‍යයේ දෝහා සිට 147 දෙනෙකු ද රජයේ විශේෂ අවසරය මත කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

එම පිරිස PCR පරීක්ෂණ සිදුකර, සංචාරක හෝටල් වෙත නිරෝධායනය සඳහා යොමුකර ඇති බව සඳහන්.

Exit mobile version