ඊයෙත් වැඩිම කොවිඩ් රෝගීන් කොළඹින්

ඊයේ (08) දිනයේ දී කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 798 දෙනෙක් හඳුනා ගෙන තිබේ.

 

ඒ අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 526ක් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ වාර්තා වූ ආසාදිතයින් 798 දෙනාගෙන් 230 දෙනෙකු බන්ධනාගාර පොකුරේ ආශ්‍රිතයින් වන අතර තවත් ආසාදිතයින් 567 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් වෙයි.

විදෙස්ගතව සිට මෙරටට පැමිණි එක් ලාංකිකයෙක් ද ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 97ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 දෙනෙක් හඳුනා ගෙන තිබේ.

මෙරට ලාබාලතම කොවිඩ් මරණය ඊයේ වාර්තා විය. මෙලෙස මිය ගොස් ඇත්තේ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිළිදෙකු වන අතර බිළිදාගෙ වයස දින 20ක් බව වාර්තා වෙයි.

Exit mobile version