මෙරට කොරෝනා මරණ ගණන 144ක් දක්වා ඉහළට

මෙරට ඊයේ(09) දිනයේ තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අංශ පවසයි.

 

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 144ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි දින 20ක් වයසැති බිළිඳෙක් සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.

මේ අතර ඊයේ දිනයේ කොවිඩ් රෝගීන් 694ක් වාර්තා වි තිබේ.

Exit mobile version