කෝටියකට අධික හෙරොයින් සමඟ දෙදෙනෙක් අල්ලයි

මහබාගේ – වැලිසර ප්‍රදේශයේ දී කෝටියකට අධික හෙරොයින් ග්‍රෑම් 898 ක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මහබාගේ පොලීසිය විසින් සිදුකළ වැටලිමකදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සහ සැකකාරිය හෙරොයින් පැකට් කරමින් සිට ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

Exit mobile version