මන්නාරමෙන් කෝටි දෙකකට අධික කහ තොගයක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක් වටිනා වියළි කහ හා එනසාල් තොගයක් සමග සැකකරුවන් හතර දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වියළි කහ කිලෝ ග්‍රෑම් 4300 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 80 කි.

පොලිසිය සදහන් කළේ මන්නාරම පේසාලේ ප්‍රදේශයේ සේවයේ නිරත නාවික හමුදා භට පිරිසක් අලුයම 12.40 ට පමණ කැබ් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම වියළි කහ හා එනසාල් තොගය සොයා ගත් බවයි.

Exit mobile version