තවත් කොවිඩ් ආසාදිතයින් 329ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 329ක් අද (14) දිනයේදී හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 325ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 4 දෙනෙක් ද වාර්තා වෙයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 685ක්.

Exit mobile version