රිය අනතුරකින් මව සහ පුතා මියයයි

අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ පහළ බලල්ල ප්‍රදේශයේදී කැබ් රථයක ගැටී සිදුවූ අනතුරකින් මවක් හා අවුරුදු තුනහමාරක් වයසැති ඇයගේ පුත්‍රයා මියගොස් ඇති බව වාර්තා වෙයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ සිටි 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ 11 දෙනෙකු ගමන් කර ඇති අතර කැබ් රථයේ රියදුරු සහ තවත් දෙදෙනෙක් අනතුරින් පසු පළාගොස් ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලීසිය විමර්ශන සිදුකරයි.

Exit mobile version