මහර සිද්ධිය : සිරුරු 4ක් ආදාහනය කරන්නැයි නියෝග

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මියගිය රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා විද්වත් කමිටුව විසින් අද (16) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

 

එම සිරුරු ආදාහනය කරන ලෙස වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

පසුගිය දා කලහකාරි තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් 11 දෙනෙකු මියගොස් තිබුණි.

අදාළ දේහ ආදාහනය කිරීමෙන් තොරව භූමදානය කිරීමට අවසර දෙන ලෙසට මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් සහ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

Exit mobile version