Home දේශීය පුවත් ධම්මික වෙද මහතා අටමස්ථානාධිපති හිමියන්ට ආවේගශීලිව කී දේ

ධම්මික වෙද මහතා අටමස්ථානාධිපති හිමියන්ට ආවේගශීලිව කී දේ

0
ධම්මික වෙද මහතා අටමස්ථානාධිපති හිමියන්ට ආවේගශීලිව කී දේ

ඊයේ දිනයේ කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර වෙද මහතා ඔහු විසින් සොයාගත් ඖෂධය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කිරීමට පැමිණි අතර එහිදී අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම ධම්මරක්ඛිත සිරිනිවාස හිමියන් බැහැදැක තිබුණි.

 

පසුව ඔහුගේ ඖෂධය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කිරීමට අවසර නොලැබුණු අතර ඒ වෙනුවට බෝධීන් වහන්සේගේ පහළ මළුවට ඖෂධය පූජා කිරීමට අටමස්ථානාධිපති හිමියන් අවසර ලබා දෙනු ලැබිය

ඉන් අනතුරුව පහළ මළුවට ඖෂධය පූජා කළ ධම්මික වෙද මහතා නැවත සිරිනිවාස හිමියන් හමුවීමට පැමිණීමෙන් පසුව යම් අර්බුදකාරී තත්ත්වයක් මතුව වි තිබු අතර එහිදී අටමස්ථානාධිපති හිමියන් වෙත පැමිණි ධම්මික වෙද මහතා පවසා තිබුණේ “මම කාලි,ඔබ වහන්සේගේ අම්මා”ලෙසයි. එම අවස්ථාවේදී නොසන්සුන්තාවයක් ඇතිවූ අතර තත්ත්වය සමනය කිරීම සඳහා රැස්ව සිටි පිරිස කටයුතු කර තිබෙන බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version