අද සිට බස්නාහිර පළාතෙන් පිටවන අයට අහඹු Antigen පරීක්ෂණ

අද(18) දිනයේ සිට බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා අහඹු Antigen පරීක්ෂණ සිදු කරන බව කොඩිව් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

 

මේ සඳහා ජංගම Antigen පරීක්ෂක ස්ථාන යොදවා ඇති අතර බස් රථ ඇතුළු අනෙකුත් ප්‍රවාහන මාධ්‍යන් මගින් බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් අහඹු ලෙස තෝරාගෙන මෙම පරීක්ෂණ සිදු කිරිමට නියම්තයි.

එහිදී එක් පුද්ගලයෙකු හෝ කොවිඩ් ආසාදිත බවට තහවුරු අදාළ රථයේ සිටින සියලු දෙනා Antigen පරීක්ෂාවට ලක් කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Exit mobile version