අද කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

අද පෙරවරු 9.00 සිට කොළඹ ප්‍රදේශ රැසකට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව කොළඹ 01, කොළඹ 02 , කොළඹ 10 සහ කොළඹ 12 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්අහිටුවනු ඇති.

එම කාලය තුළ කොළඹ 03, කොළඹ 04, කොළඹ 07 සහ 08 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසීය.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජලය බෙදා හැරෙන නළ මාර්ගවල වැඩි දියුණු කිරීමක් සහ අංගොඩ ප්‍රදේශයේ ජල නළ මාර්ගයක අලුත්වැඩියාවක් ඊට හේතු වී තිබේ.

Exit mobile version