Home දේශීය පුවත් ඊයේ කොවිඩ් ආසාදිතයින් 662ක්

ඊයේ කොවිඩ් ආසාදිතයින් 662ක්

0
ඊයේ කොවිඩ් ආසාදිතයින් 662ක්

ඊයේ (18) දිනයේ දී කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 662 දෙනෙකු හඳුනා ගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 

ඒ අනුව එම ආසාදිතයින් අතරින් 660 දෙනෙකු දේශීයව හඳුනා ගෙන ඇති අතර, අනෙක් ආසාදිතයින් දෙදෙනා හඳුනාගෙන ඇත්තේ විදෙස්ගතව සිට මෙරටට පැමිණි පිරිස් අතරිනි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති අතර එම සංඛ්‍යාව 259ක්.

ඔවුන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 22 කින් හඳුනාගෙන ඇත.

තවද, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 164 ක් ද, තවත් ආසාදිතයින් 79ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද හඳුනාගෙන තිබේ.

ඊයේ දිනයේ වාර්තා වූ මරණ 5ත් සමඟ මෙරට මරණ සංඛ්‍යාව 165ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version