Home දේශීය පුවත් “විරු අභිමන්” රක්ෂණාවරණයේ දෙවැනි අදියර අරඹයි (ඡායාරූප)

“විරු අභිමන්” රක්ෂණාවරණයේ දෙවැනි අදියර අරඹයි (ඡායාරූප)

0
“විරු අභිමන්” රක්ෂණාවරණයේ දෙවැනි අදියර අරඹයි (ඡායාරූප)

“විරු අභිමන්” කොවිඩ් 19 රක්ෂණාවරණයේ දෙවැනි අදියර ආරම්භ කරමින් එම රක්ෂණාවරණ සහතිකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්විණි.

 

ඒ, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා විසිනි.

කොවිඩ් 19 වසංගත අවදානම සමග ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය පසුගිය අප්‍රේල් මාසයේ දී මෙම රක්ෂණාවරණයේ පළමු අදියර ක්‍රියාත්මක කළේ ය.

වෛද්‍ය, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදා, පොලීසිය ඇතුළු රාජ්‍ය අංශය ඉන් ආවරණය කෙරෙන අතර මෙම දෙවැනි අදියර යටතේ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සියලුම සේවකයන් දායක කර ගැනීමට අපේක්ෂා කෙරේ.

කොවිඩ් 19 නිසා ජීවිතය අහිමිවීමකදී “විරු අභිමන්” රක්ෂණාවරණය රුපියල් 100,000ක් ද රෝහල් ගතවීමකදී රුපියල් 1,000 ක් ද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා දින 90 ක උපරිමයට යටත්ව රුපියල් 2,000ක දීමනාවක්ව ද මෙහිදී පිරිනැමීමට නියමිතය.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version