අදත් ප්‍රදේශ කිහිපයකට සවස 1න් පසු වැසි

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද ප්‍රදේශවල පවතින  වැසි  තත්වයේ  තාවකාලික අඩුවීමක්  ඉදිරිදින කිහිපයේදී  දෙසැම්බර් මස 25  සහ 26 දිනයන් හිදි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, සහ ඌවපළාත්වලත්නුවරඑළිය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න්පමණ පසුව තැනින්තැනවැසි හෝ ගිගුරුම්සහිතවැසි ඇතිවන අතර සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත් වල ඇතැම්ස්ථානවලටමි.මී. 100 ට වැඩි තදවැසි ද ඇතිවි යහැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Exit mobile version