කතෝලික දේවස්ථානවල ආරක්ෂාව තර කෙරේ

රට පුරා පිහිට් කතෝලික දේවස්ථානවල ආරක්ෂාව තර කරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

 

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට, සහකාර පොලිස් අධිකාරීවරුන්ට සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දන්වා යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය..

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ”තවත් පැය කිහිපයකින් අසිරිමත් නත්තල උදාවීමට නියමිතව තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම කතෝලික පල්ලි, අනෙකුත් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට අද දින සවස පොලිස්පතිතුමා විසින් විශේෂ නියෝගයක් නිකුත් කරනු ලැබුවා,” යනුවෙනි.

Exit mobile version