හය හැවිරිදි දැරියක් දූෂණය කර මරා දැමු සැකකරු එල්ලා මරා දැමීමට අධිකරණය තීන්දු කරයි

සයිනබ් අන්සාරි නම් හය හැවිරිදි දැරියක් දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලද විසි හතර හැවිරිදි ඉම්රාන් අලි එල්ලා මරා දැමිය යුතු බවට පාකිස්තාන අධිකරණය තීරණය කරයි.

හය හැවිරිදි දැරියගේ මළ සිරුර පසුගිය ජනවාරි හය වැනිදා සොයා ගනු ලැබුවේ ලාහෝර් නගරයට නුදුරින් පිහිටි කෂුර් නගරයේ කසළ ගොඩක තිබියදී ය.

මේ දැරිය අවසන් වරට දුටු අවස්ථා සීසීටීවී කැමරා මගින් පටිගත කරනු ලැබ තිබු අතර පුද්ගලයකු විසින් ඇය රැගෙන යන ආකාරය එහි සටහන් වී තිබුණි.

ජනවාරි මුල දී අතුරුදන්ව ජනවාරි හයවෙනිදා මළ සිරුර හමු වූ සයිනබ් අන්සාරි දැරියගේ අසල්වැසියකු වන ඉම්රාන් අලි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ ජනවාරි 23 වැනිදාය.

නඩු විභාගයේ දී පුද්ගලයන් රාශියක් ඔහුට එරෙහිව සාක්ෂි දුන් අතර ඩී.එන්. ඒ පරීක්ෂණ වාර්තා මෙන්ම යන්ත්‍ර මගින් කායික කාර්ය පිරික්සීමෙන් ලද තොරතුරු ඇතුළු වෝහාරික සාක්ෂි පවා අධිකරණයට ඉදිරිපත් විය.

නඩු විභාගය අතරතුර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා සිය සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටීමෙන් ඉවත් වූ බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය.

Exit mobile version