අත්‍යාවශ්‍ය ආහාර වර්ග 10ක් පෙබරවාරියේ සිට ස්ථාවර මිලකට

අත්‍යවශ්‍ය ආහාර වර්ග දහයක් සඳහා පෙබරවාරී මාසයේ සිට ස්ථාවර මිළක් නියම කරන බව වෙළඳ අමාත්‍යංශය නිවේදනය කරයි

 

හාල් ,පිටි,සීනී,පරිප්පු,ටින් මාළු ,හාල්මැස්සන්,ළූණු,අර්තාපල්,බිත්තර හා කුකුල් මස් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහයක් සඳහා මෙසේ ස්ථාවර මිළත් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව නිවේදනයේ සඳහන් වේ

දේශිය නිෂ්පාදකයන්ගෙන් හා සෘජු ආනයනකරුවන්ගෙන් සැපයුම් මිළ ගණන් කැඳවීමේ පුවත්පත් දැන්වීමක් මෙම මස පළ කීරීමට කටයුතු කරව බවත් ඒ අනුව ඉහළ ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ අවම මිළකට මිළ දී ගැනීමට වෙළඳ අමාත්‍යාංශය සියළු කටයුතු සූදානම් කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (02) මිහින්තලයේ ප්‍රකාශ කළහ

මෙම වැඩපිළිවෙළ පෙබරවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා මාස 6ක් ක්‍රියාත්මක කීරීමට කටයුතු සූදානම් කර ඇත

 

Exit mobile version