ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ 35 වැනි සභාපති

ඊයේ(03) දිනයේ ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ 35 වැනි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා එම ධූරයේ පිහිටුවීමේ උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ නෙළුම් ශාලාවේ මෙම උත්සවය පැවැත්විය.

35 වැනි විධායක සභාපතිවරයා පත්වීමේ අවස්ථාව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සියලුම සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ අතර මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අනුශාසක මහාචාර්ය ඉන්ද්‍රජිත් අමරසිංහ,  හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය යූ.ඩී.පී රත්නසිරි, ලේකම් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට  ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

Exit mobile version