නිදහස් කුසලාන පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලිය ලබන මාර්තු 06 වැනිදා

ඉන්දියාව, බංග්ලාදේශය සහ සත්කාරක ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන නිදහස් කුසලාන පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලිය ලබන මාර්තු 06 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.

මෙම සියලූ තරග කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර මූලික වටයේදී කණ්ඩායමක් තරග 04කට සහභාගී වීමට නියමිත බව ද සදහන්.

පළමු තරගය ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන මාර්තු මස 06 වැනිදා පැවැත්වෙයි.

අවසන් මහා තරගය පැවැත්වෙන්නේ මාර්තු මස 18 වැනිදා ය.

මෙම තරගාවලිය තුලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පන්දුවාරයකට අමෙරිකානු ඩොලර් 12,000ක පමණ ආදායමක් අපේක්ෂා කරන බව වාර්තා වේ.

Exit mobile version