බහුදින ධීවර යාත්‍රාවකින් හමු වූ මත්ද්‍රව්‍ය කිලෝ 180ක් (ඡායාරූප)

මීගමුවට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ විශේෂ නාවික හමුදා මෙහෙයුමකදී රුපියල් කෝටි 60 කට අධික බහුදින ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 80 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම යාත්‍රාවේ සිටි සිව්දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ත් අත්අඩංගුවටගත් සැකකරුවන් හලාවත තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සියලුම බුද්ධි සේවාවන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එක්ව මෙම වැටලීම සිදුකර ඇති අතර මෙහෙයුම සඳහා ගුවන් හමුදාවේ ද සහය ලැබී ඇත.

Exit mobile version