Home දේශීය පුවත් පළාත් කිහිපයකට තව දුරටත් වැසි

පළාත් කිහිපයකට තව දුරටත් වැසි

0
පළාත් කිහිපයකට තව දුරටත් වැසි

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් බලාපොරොත්තුවිය හැකි බවයි.

සමහර ප්‍රදේශවල විශේෂයෙන් සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තරමක් තදවැසි (මි.මි. 50 වැඩි) ඇතිවිය හැක. දිවයිනේ උතුරු අර්ධය හරහා විටින්විට හමන (පැ.කි.මී40-50 පමණ) තරමක් තද සුළං බලාපොරොත්තුවේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක.

ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version