Home දේශීය පුවත් නිතිවිරෝධි ලෙස ආනයනය කළ මෝටර් රථ 12ක් රේගු භාරයට

නිතිවිරෝධි ලෙස ආනයනය කළ මෝටර් රථ 12ක් රේගු භාරයට

0
නිතිවිරෝධි ලෙස ආනයනය කළ මෝටර් රථ 12ක් රේගු භාරයට

නිතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද රු. 55,000000 ක වටිනාකමින් යුතු මෝටර් රථ 12ක් රේගු අවදානම් කළමනාකරණ ඒකකය විසින් 2020.12.23 දින රේගු භාරයට ගෙන තිබේ.

 

මෙම රථ වාහන සිංගප්පුරුවේ සිට හෙරටට බහාලුම් තුනක පැම්ණ ඇත්තේ නෞකාභාර පත්‍රයේ “විදුලි ජනක යන්ත්‍ර කොටස් ” ලෙස සදහන් කරමිනි.

බහාලුම් වල බර කිලෝ 12,140කි.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකුගේ නමක් ව්‍යාජ ලෙස භාවිතා කරමින් භාණ්ඩ ආනයනය කර ඇති අතර රේගු විමර්ෂණ අතරතුරදි එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ 2021.01.07 දින ඉදිරිපත් කර ඇති අතර සැකකරු 2021.01.20 දින දක්වා ගරු මහේස්ත්‍රාත්තුම්ය විසින් රක්සිත බන්ධානාගාර ගත කරන ලදි.

තවද මෙහි වැඩ්දුර විමර්ෂණ කටයුතු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් එස්.ආනන්ද ඊෂ්වරන් මහතාගේ හා රේගු අධ්‍යක්ෂ ඩී.එස් චන්ද්‍රසිරි මහතාගේ මග පෙන්විම යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජනරාල් සුදත් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරි මහින්ද සිරිවර්ධන නිශාන්ත මිරිහාගල්ල සහ සහාකාර රේගු අධිකාරි කැළුම් තුශාර ඉදුනිල් බණ්ඩාර පසිදු මදනායක පුලස්ති ලක්ෂාන් සහ තරිදු පරණමාන යන මහත්වරුන් විසින් සිදුකෙරෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version