අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමයි

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා තිබේ.

 

ඒ විශ්වවිද්‍යාලය තුලින් කොරෝනා ආසාදිතයකු හමුවිම හේතුවෙනි.

ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍ය අධිකාරිවරයාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇති බවට වාර්තා වන අතර විශ්ව විද්‍යාලය ලබන සඳුදා දක්වා වසා දැමීමට තීරණය කර ඇත.

විශ්වවිද්‍යාල පරිශ්‍රය විෂබීජ හරණයට ලක්කිරීමට හා ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍ය අධිකාරිවරයාගේ ආශ්‍රිතයින් සේවිමට පියවර ගෙන ඇති බවද වැඩ්දුරටත් වාර්තා වෙයි.

Exit mobile version