පාර්ලිමේන්තුවේ අද පක්ෂ නායක රැස්වීමක්

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරු 9.30ට පැවැත්වේ.

 

21 වැනි දා දක්වා පැවැත්වෙන පාර්ලිමේන්තු සතියේදී අවධානය යොමු කරන කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.

මේ අතර ඉකුත් 13 වැනිදා සහ 15 වැනිදා පාර්ලිමේන්තුවේදී PCR පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන තිබේ.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිදු කෙරුණු PCR පරීක්ෂණ යටතේ 943 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇත.

මේ පිළිබද පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාල නිවේදනය පහතින්.

 

Exit mobile version