ජාතික අක්ෂි රෝහලෙන් විශේෂ දැනුම්දීමක්

ජාතික අක්ෂි රෝහලේ සායන සදහා පැමිණිමට ප්‍රථම අදාල සායනයට දුරකථන ඇමතුමක් ලබා දි දිනයක් සහ වේලාවක් වෙන් කරවාගැනීම අද සිට අනිවාර්යය කර තිබේ.

 

කොරෝනා වසංගත තත්වය හමුවේ ජාතික අක්ෂි රෝහලේ කටයුතු පවත්වාගෙනයාමේදී පැනනැගී ඇති ප්‍රායෝගික ගැටලු සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.

පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය සමග විධිමත් ලෙස සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාම අපහසු වී ඇති බවයි ජාතික අක්ෂි රෝහලේ බළධාරින් පෙන්වා දෙයි

එම තත්ත්වය නිසා ආරක්ෂිත පියවරක් ලෙස ජාතික අක්ෂි රෝහලේ සායන සදහා පැමිණිමට ප්‍රථම සායනයට දුරකථන ඇමතුමක් ලබා දී දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගන්නා ලෙස ජාතික අක්ෂි රෝහල මහජනතාවට දැනුම් දි තිබේ.

Exit mobile version