කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 24 ක ජල කප්පාදුවක්

අද(23) පෙරවරු 9.00 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව කොළඹ 01 සිට 03 දක්වා සහ කොළඹ 07 සිට 12 දක්වා ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් සිදු කරන ගංවතුර පාලන ව්‍යාපෘතියේ ඉදිකිරිම් හේතුවෙන්, අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය පොම්ප කරනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නලය විතැන් කිරීම ජල සැපයුම අත්හිටුවීමට හේතු වී ඇත.

Exit mobile version