ශ්‍රී දළදා මාළිගයට එල්ලවූ ප්‍රහාරයට අදට වසර 23 ක්

1998 ජනවාරි 25 වන දින උදෑසන 6.10 ට පමණ ශ්‍රි දළදා මාළිගයට දැවැන්ත ට්‍රක්රථයක් ධාවනය වූ අතර මග දිගට තිබෙන හමුදා මුරකාවල් වලට වෙඩි තබමින් ත්‍රස්තවාදීන් දාළදා මාළිගය වෙත නොනවත්වා රථය ධාවනය විය.

 

මේ අතර අධි බලැති පුපුරණ ද්‍රව්‍ය 300-400 පමණ ප්‍රමාණයක් අඩංගු ට්‍රක් රථය තුළ මරා ගෙන මැරෙන කළු කොටි තිදෙනෙකු සිටියහ.

මාළිගාවේ පිවිසුම් අංගනය වෙත කඩා වැදි ට්‍රක්රථය පිපිරීම් දෙකක් සිදු කළහ

මෙම පිපිරීමෙන් දළදා වහන්සේට කිසිදු හානියක් සිදු නොවු අතර ප්‍රහාරයෙන් මරාගෙන මැරෙන කළු කොටි තිදෙනා සහ වයස අවුරුදු 2 ක දරුවෙකු ඇතුළු පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් වු අතර තවත් 25 ක් පමණ තුවාල ලැබීය.

ශ්‍රි දළදා මාළිගයට එල්ල වූ ප්‍රහාරය සිදු වී අදට වසර 23 ක් සපිරි තිබේ.

Exit mobile version