Home දේශීය පුවත් සාර්ථකව කොරෝනා පාලනය කරන රටවල් අතර ලංකාව 10වන තැනට

සාර්ථකව කොරෝනා පාලනය කරන රටවල් අතර ලංකාව 10වන තැනට

0
සාර්ථකව කොරෝනා පාලනය කරන රටවල් අතර ලංකාව 10වන තැනට

කොරෝනා වෛරසයට සාර්ථකව ප්‍රතිචාර දක්වන රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත්ව තිබේ.

 

මේ බව දැක්වෙන්නේ,ඔස්ට්‍රේලියාවේ ලෝවි ආයතනය නිකුත් කළ වාර්තාවකයි. රටවල් 98ක් අතුරින් මෙම රටවල් තෝරාගෙන තිබේ.

නවසීලන්තය,වියට්නාමය,තායිවානය,තායිලන්තය,සයිප්‍රසය,රුවන්ඩාව,අයිස්ලන්තය,ඔස්ට්‍රේලියාව,ලැට්වියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් මෙලෙස වෛරසය මර්දනයට එලදායී පියවර ගෙන ඇති රටවල් බව වාර්තාවේ සඳහන්ය.

ලෝවි ආයතනයේ පර්යේෂකයන් සෑම රටකම කොරෝනා වෛරසය ව්‍යාප්ති ආශ්‍රිත සිදුවීම්,මරණ සහ පරීක්ෂණ වාර්තා විමර්ශනය කර තිබේ.

අමෙරිකාව අසාර්ථක රටක් ලෙස නම්කර ඇත.

ලෝවි ආයතනය නිකුත් කර ඇති වාර්තාවට අනූව, අමෙරිකාවට හිමිව ඇත්තේ 94 වැනි ස්ථානයයි.

86 වැනි ස්ථානයේ පසුවන්නේ අසල්වැසි ඉන්දියාවයි.

චීනය තක්සේරු ගත කිරීම සඳහා යොදා ගෙන නොමැති අතර එරටින් ප්‍රසිද්ධියේ ලබා ගත හැකි පරීක්ෂණ දත්ත අඩුවීම ඊට හේතුව බව ලෝවි ආයතනය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version