බදියුදීන් මොහොමඩ් රියාජ්ට විදෙස් ගමන් තහනමක්

ඉකුත් 2019 වසරේ ඉස්ලාම් අන්තවාදීන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට සිදු කළ බෝම්බ ප්‍රහාරයට අදාළව බදියුදීන් මොහොමඩ් රියාජ්ට නැවත දැනුම් දෙන තුරු විදේශ ගමන් තහනමක් පනවන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියනත් ලියනගේ මහතා අද (29) නියෝග කළේය.

 

අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමකට මේ නියෝගය සිදු කළ මහේස්ත්‍රාත්වරයා මේ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවට දන්වා යවන ලෙසටද නියෝග කෙරුණි.

රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි සැකකරු මේ වන විට මුදා හැර ඇති බව කියා සිටි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව නිතිපතිවරයා විසින් විමර්හණ සිදු කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවත් ඉදිරි දින විමර්ශන ප්‍රගතිය දැනුම් දෙන බවත් පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවා ප්‍රශ්න කරමින් සිට මේ වනවිට මුදා හැර සිටින සැකකාර බදියුදීන් මොහොමඩ් රියාජ් යන අය විදේශ ගතවීමේ සූදානමක් ඇතැයිද අපරාධ පරීක්ෂන දොපර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

Exit mobile version