Home විදෙස් පුවත් අවුන් සාන් සුකී අත්අඩංගුවට

අවුන් සාන් සුකී අත්අඩංගුවට

0
අවුන් සාන් සුකී අත්අඩංගුවට

මියන්මාර නායිකා අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

පසුගිය නොවැම්බර් මාසයේ පැවති මැතිවරණයේ වංචා සිදුවූ බවට මියන්මාරයේ ප්‍රබල හමුදාව, සිවිල් රජයට දිගින් දිගටම චෝදනා කරනු ලැබූ අතර අඩ සියවසකට අධික කාලයක් පැවති හමුදා පාලනය අවසන් වීමෙන් අනතුරුව එරට පැවති දෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස පසුගිය නොවැම්බර් මාසයේ පැවති මැතිවරණය හැදින්විය හැකිය

එම මැතිවරණයෙන් පසුව මියන්මාර පාර්ලිමේන්තුව අද අසුන් ගැනීමට නියමිතව තිබූ පසුබිමකදී අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙලෙස හමුදා භාරයට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version