Home දේශීය පුවත් ඊයෙත් වැඩිම කොරෝනා රෝගීන් කොළඹින්

ඊයෙත් වැඩිම කොරෝනා රෝගීන් කොළඹින්

0

ඊයේ(31) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිත පුද්ගලයින් 864ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

 

එම ආසාදිතයින් අතරින් 27ක් විදේශගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින් අතරින් හඳුනා ගෙන තිබෙන අතර සෙසු රෝගීන් 837 දෙනා දේශීයව හඳුනා ගෙන ඇත.

ඉන් රෝගීන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 362කි.

ඊට අමතරව ගම්පහ, මහනුවර සහ රත්නපුරදිස්ත්‍රික්ක වලින් පිළිවෙළින් ආසාදිතයින් 88 ක් 81ක් සහ 45ක් ලෙස වාර්තා වී තිබේ.

ඉතිරි ආසාදිතයින් පිරිස හඳුනා ගෙන ඇත්තේ, සෙසු දිස්ත්‍රික්කවලිනි.

පසුගිය පැය 24 තුළ සුවය ලබා පිටව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 882 කි.

අද (01) වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 64,157ක් වන අතර පුද්ගලයින් 57,159ක් පූර්ණ සුවය ලබා ඇත.

ආසාදිතයින් 6682 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඊයේ මරණ 3ක් මරණයක් වාර්තා වීමත් සමග මෙරට මරණ සංඛ්‍යාව 316 ක් දක්වා ඉහළ ගියේ ය.

එම මරණ වාර්තාවී ඇත්තේ, කඩුවෙල, අඟුරුවාතොට සහ කොළඹ 08 ප්‍රදේශවලිනි.

අද (01) දිනය වන විට ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 98 ක් තුළ පුද්ගලයින් 7,444 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 16,431 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version