Home දේශීය පුවත් අල්ලස් චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිගේ අභියාචනය ලබන 16 වැනිදා විභාගයට

අල්ලස් චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිගේ අභියාචනය ලබන 16 වැනිදා විභාගයට

0
අල්ලස් චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිගේ අභියාචනය ලබන 16 වැනිදා විභාගයට

අල්ලස් චෝදනා සම්බන්ධයෙන් සිරඳඩුවම් නියම වී සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන් ඉදිරිපත් කරඇති අභියාචනය ලබන 16 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

 

පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම අභියාචනය විභාග කිරීමට නියමිතය.

ඉන්දියානු ව්‍යාපාරිකයෙකුට කන්තලේ සීනි සමාගම පැවරීමේ දී රුපියල් මිලියන 54ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ඔවුන්ට දඩුවම් නියම වී තිබුණි.

මේ අතර, වෘත්තීය සමිති සභාපතිවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමට අදාළව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පසුගිය රජය සමයේ පවරා තිබු නඩුවක් ලබන 08 වනදා වැඩිදුර විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද (03) නියම කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version