ඊයේ හඳුනාගත් කොරෝනා රෝගීන් ගණන 772ක්

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 69,348ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ නව ආසාදිතයින් 772ක්  ඊයේ හඳුනා ගැනීමත් සමග වන අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 63,401කි.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 5591ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Exit mobile version