පෞද්ගලික බස් සේවා වැඩ වර්ජනය කල් යයි

පෞද්ගලික බස් හිමියන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් සේවා වැඩ වර්ජනය ලබන අඟහරුවාදා දක්වා අත්හිටවූ බව ගැමුණු විජේරත්න මහතා පැවසීය.

 

පෞද්ගලික බස් රථවල ලීසිං පොලී අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්, බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මීට පෙර ප්‍රකාශ කළේ ය.

Exit mobile version