ව්‍යාජ ලේඛණ සකසා වාහන ජාවාරමක් කළ අයෙක් කොටුවෙයි

ව්‍යාජ ලේඛණ සකසා වාහන ජාවාරමක නිරතවූ පුද්ගලයෙකු කඩුවෙල ප්‍රදේශයේදී මිරිහාන බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකළ වැටලීමක දී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

 

වාහන කුලී පදනම යටතේ ලබාගෙන ඒවායේ අංක තහඩු සහ ලියකියවිලි වෙනස් කරමින් වෙනත් පාර්ශව වෙත අලෙවි කර ඇති බව පොලිසිය සදහන් කරයි.

අදාල පුද්ගලයා 27 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර ව්‍යාජ ලෙස සැකසු ලේඛණ 40 කට අධික ප්‍රමාණයක් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තිබිය යුතු ලියවිල්ලක්ද මොහු සතුව තිබී හමුවී ඇත.

Exit mobile version