දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) විජය සමරසිංහ මහතා පැවසුවේ “රජරට රැජින” දුම්රියට ලබන 26 වැනිදාට අවුරුදු 50ක් සපිරීම නිමිත්තෙන් එහි විශේෂ දුම්රිය මැදිරියක් සහිතව ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි.
ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වව්නියාව දුම්රිය ස්ථානය දක්වා මෙම විශේෂ මැදිරිය සහිත දුම්රිය ධාවනය කෙරේ.
මෙම දුම්රිය 1968.02.26 වැනි දින පළමු දුම්රිය ධාවනය සිදු කර තිබේ.