පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හෙට අහඹු පී.සී.ආර් පරීක්ෂණ

හෙට උදැසන 9 සිට මධ්‍යහ්න 12 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු පරිශ්‍රයේ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

 

එය සංවිධාන කරනු ලබන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් වන අතර ඊට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පහසුකම් සළසා ඇති අතර ඒ සඳහා ඉදිරිපත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව වේත්‍රධාරීවරයා වැඩ්දුරටත් පැවසීය.

එමෙන්ම ඉදිරියේදී පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වෙන කාල සීමාවන්වලදී මෙන්ම නොපැවැත්වෙන කාලසීමාවන්වලදී ද සතියකට වරක් එම පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

Exit mobile version