විදෙස් රටවලට යන ලාංකික සිසුන්ටත් කඩිනමින් කොරෝනා එන්නත

උසස් අධ්‍යාපනය ලැබීම සදහා විදෙස් රටවල් වෙත යාමට නියමිත ලාංකික සිසුන්ට කඩිනමින් කොරෝනා එන්නත ලබාදීම කෙරෙහි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවධානය යොමුවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළේය.

 

ඒ මහතා මේ බව පැවසුවේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමවුට එක්වෙමින්.

එමෙන්ම මාර්තු මාසය හෝ අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ඉලක්කගත සියලු කණ්ඩායම්වලට එන්නත ලබා දීමට කටයුතු කිරීමට හැකි වෙතැයි විශ්වාස කරන බවද ඒ මහතා වැඩ්දුරටත් සඳහන් කරනු ලැබීය.

කොරෝනා එන්නත් ගෙන්වීමට රජය සතුව මුදල් නොමැති බවට පළවන වාර්තා අසත්‍ය බවද ඊට අවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම එන්නත් කිරීමේ වැඩපිළිවල සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසයෙන් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

Exit mobile version