Home දේශීය පුවත් සරසවි සඳහා බඳවා ගන්නා සිසුන් ගණන තවත් ඉහළට

සරසවි සඳහා බඳවා ගන්නා සිසුන් ගණන තවත් ඉහළට

0
සරසවි සඳහා බඳවා ගන්නා සිසුන් ගණන තවත් ඉහළට

මෙරට විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව තවත් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

 

සංඛ්‍යාව ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ අදාළ බලධාරීන් සමග කළ සාකච්ඡාවලදී ඒ පිළිබඳ එකඟතාවකට පැමිණ ඇත.

මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, අදාළ බඳවා ගැනීම් සහ පීඨවල ඒ සඳහා ඇති සූදානම පිළිබඳව මහා භාණ්ඩාගාරය සමග ද සාකච්ඡා කර ඇති බවත් එම කරුණු සැලකිල්ලට ගෙන බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව තීරණය කර ඇති බවත්ය.

ඒ අනුව වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ ඇතුළු සියලු පීඨ සඳහා වැඩි සිසුන් සංඛ්‍යාවක් බඳවා ගන්නා බව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version