Home දේශීය පුවත් මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පැමිණිල්ල ලබන මස 18 වැනිදා කැඳවයි

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පැමිණිල්ල ලබන මස 18 වැනිදා කැඳවයි

0
මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පැමිණිල්ල ලබන මස 18 වැනිදා කැඳවයි

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළ විමර්ශන පැමිණිල්ල ලබන මස 18 වැනිදා කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

 

එම පැමිණිල්ල අද (11) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා හමුවේ කැඳවනු ලැබීය.

පසුගිය කාලසීමාවේ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශයේ නිරෝධායන ඇඳිරිනීතිය පැවතීම හේතුවෙන් එම පැමිණිල්ල විමර්ශනය සඳහා කැඳවීමක් සිදුනොවූ අතර ඒ අනුව අද දිනයේ එම නියෝගය සිදුකර තිබේ.

මෙහි සැකකරුවන් ලෙස පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස් ප්‍රධාන විධායක කසුන් පලිසේන සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි ඇතුළු දස දෙනෙකු නම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version