උණ්ඩ 02 ක් එකවර නිකුත් කල හැකි ගිනි අවියක්

T56 වර්ගයේ උණ්ඩ 02 ක් එකවර නිකුත් කල හැකි ගිනි අවියක් සමග සැකකරුවෙකු මොණරාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

 

අදාළ ගිනි අවිය මෙරට නිෂ්පාදිත ගිනි අවියක් වන අතර අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Exit mobile version