රටේ සියලු ජාතීන් ශ්‍රී ලාංකිකයින් ලෙස ජීවත් විය යුතුයි : ඇමති අලි සබ්රි

රටේ සියලු ජාතීන් ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව ජීවත්වීම වැදගත් බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.

 

 

අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසුවේ විවිධ ජාතීන්ට අයත් වුවත් සියලුදෙනාම මනුෂ්‍යත්වය හා ශ්‍රී ලාංකීකත්යෙන් සැළකිය යුතු බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනි.

වැඩ්දුරටත් අදහස් දක්වමින් “විවිධත්වයෙන් ඒකීයත්වයට අපිට යන්න පුළුවන්. ඒ යනකොට සංස්කෘතිමය වශයෙන් අපි ශ්‍රී ලාංකීක විය යුතුයි. ශ්‍රී ලාංකීක සංස්කෘතිය කියන්නේ, ශ්‍රී ලාංකීය මුස්ලිම් උප සංස්කෘතියකට. මිනිස්සුන්ගෙන් දුරස්වෙලා දුවන්න ඕනේ නෑ. අපිට අපි පිළිබඳ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. අනෝන්‍ය අවබෝධයක් තියෙන්න ඕනේ. එකිනෙකා පිළිබඳ විශ්වාසයක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් පුළුවන් මේ රට අපි බලාපොරොත්තු වන සාමය, එකමුතුකම ඒ සහෝදරත්වය ගොඩනඟන්න. මොකද සියයට 95කට වැඩිය අවශ්‍යයි එහෙම ජීවත්වෙන්න. අන්තවාදීන් කිහිපදෙනෙක් ඉන්නවා හැම කොටසකම නමුත් ඔවුන්ට ඕන විදියට අපිට ජීවත් වෙන්න බෑ. අපි ජීවත් වෙන්න ඕනේ ජාතික ගීය කියන ආකාරයට. “එක මවකගේ දරු කැල බැවිනා යමු යමු වී නොපමා. ප්‍රේම වඩා සැම භේද දුරලලා නමෝ නමෝ මාතා. “ උදේ පාන්දර ඒක කියලා විතරක් මදි හිතට ගන්න ඕනේ ඒ විදියට ජීවත් වෙන්න ඕනේ. ඒකේ ලොකු වගකීමක්.“ අමාත්‍යවරයා සදහන් කළේය.

Exit mobile version