ඇකිරිය ප්‍රදේශයේ ජනතාවට භූ කම්පන ගැන දැනුම්දීමක්

පස්කඳු කඩා වැටීම් සහ නායයෑම් තත්ත්වයන් ඇති විය හැකි බවට නිරීක්ෂණය කර ඇතැයි භූ කම්පන කිහිපයක් සිදුවූ මඩොල්සිම ඇකිරිය ප්‍රදේශයේ ජනතාව වෙත භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් දැනුම් දී තිබේ.

 

පසුගිය සතියේ දී අවසන්වරට ඇකිරිය ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුවූ අතර එය රිච්ටර් මාපකයේ  1.5 ක ප්‍රබලත්වයකින් සටහන්ව තිබු අතර මීට පෙර අවස්ථා දෙකක දී ඇකිරිය ප්‍රදේශයේ භූකම්පන සිදුව ඇති බව වාර්තා විය.

භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශය ජනතාවට වැඩිදුරටත් දැනුම්දී තිබෙන්නේ පතල් කැණීම් සහා පස් කැනීම් කටයුතුවලදී වඩාත් විමසිලිමත්වන ලෙසයි.

Exit mobile version