ඉතාලියේ එට්නා යළි සක්‍රීය වෙයි

ඊයේ(18) දිනයේ ඉතාලියේ පිහිටි ‘එට්නා’ ගිනි කන්ද යළි සක්‍රීය වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

 

ඉකුත් සතියේ සිට ඉන් වරින් වර දුමාරයක් නිකුත් වි තිබෙන අතර ඉන් නිකුත් වූ දුමාරය විශාල ප්‍රදේශයක පැතිර පවතින බවත් වාර්තා වෙයි.

එට්නා ගිනිකන්ද ඉතාලියේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇත. එබැවින් ඒ අසන්නයේ පිහිටා ඇති කැටනියා ගුවන් තොටුපළ ද තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබිය.

යුරෝපයේ වඩාත් ක්‍රියාකාරී ගිනි කන්ද මෙය වන අතර මීටර 3,350ක් උස එට්නා ගිනිකන්ද වාර්ෂිකව කිහිප වතාවක් සක්‍රීය වන අතර 1992 වසරේ දී ගිනි කන්දෙන් අධික පිපිරීමක් වාර්තා විය.

Exit mobile version