බස් රථයක් තුළ සිහිසුන්ව මියගිය තරුණයෙක්ට කොරෝනා

පසුගිය දා බස් රථයක් තුළ ගමන් කරමින් සිටිය දී තරුණයෙකු අසාධ්‍ය ලෙස රෝගී වීමෙන් අනතුරුව මියගොස් තිබෙන බව වාර්තා වෙයි.

 

එම තරුණයාගේ වයස අවුරුදු 29කි.

අදාල තරුණයා බස් රථය තුළ දී සිහිසුන් වී ඇති අතර අනතුරුව රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් සිටි බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළේය.

අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී එම තරුණයා කොරෝනා වෛරසය ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ.

මිය ගිය තරුණයා කැකිරාව – මරදන්කඩවල ඇටවීරවැව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

Exit mobile version